සීහනාද අඩවිය

ජවිපෙ ලේ කොළ පාට ද?

ජනතා විමුක්ති පෙරමුණ පටන් ඇරගෙන මේ වෙද්දි අවුරුදු 53 ක් ගතවෙලා. මේ පක්‍ෂය පටන්ගන්න වෙලාවේ බලයේ හිටියේ එක්සත් ජාතික පක්‍ෂය. ඒ වෙද්දි, එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු අටකුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවුරුදු අටකුත් අපේ රට පාලනය කරලා තිබුණා. ‍මාක්ස්වාදී අදහස් අනුගමනය කරපු පක්‍ෂවලින් වැඩි හරියකුත් ඒ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ක අත්වැල් බැඳගෙන හිටියා. මාක්ස්වාදී සටන්පාඨ ජනප්‍රියවෙලා තිබුණු හින්දා දේශපාලන බල කඳවුරුවලට ලේබල් අලවලා තිබුණේ වම සහ දකුණ විදිහට. එක්සත් ජාතික පක්‍ෂය දකුණට බර ධනවාදී, අධිරාජ්‍යයගැති පක්‍ෂයක් විදිහට සැළකුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමට බර තරමක් ප්‍රගතිශීලි පක්‍ෂයක් විදිහට සැළකුණා.

(සම්පූර්ණ ලිපිය මෙතැනින්)

තනි අලියා ගේ වඳ පෙත්ත!

මිනිස්සු දැක්කාට රංචු ගැහිලා ඉන්න අලි කලබල වෙන්නේ නෑ. ඒත් තනි අලි එහෙම නෑ. හරි ම දරුණුයි. මෙහෙම වෙන්නේ බය හින්දා කියලා තමයි කියන්නේ. කට්ටිය එක්ක එකට ඉඳිද්දි බයවෙන්න කාරණයක් නැහැනේ. හතර වටේමත් පේනවා. කල්ලි ගැහිලා ඉන්න එකේ හයියත් තියෙනවා. මිනිස්සු කියන්නේ විශ්වාසකරන්න පුළුවන් ජාතියක නෙවෙයි කියන අලි හොඳට ම දන්නවා ඇතිනේ. ඉතින් තනියෙන් ඉන්න අලියෙක්ට මනුස්සයෙක් මුණගැහෙනවා කියලා කියන්නේ ඇත්තෙන් ම අලි ප්‍රශ්නයක්. අනතුර දැක දැක ආපස්ස හරිලා යන්න අලියාට සැකයි. කරන්න පුළුවන් ලේසි ම කටයුත්ත තමයි අනතුර නැතිකරලා දාන එක. ඉතින් තනි අලියා මිනිහෙක් දැක්කා ම නො දැක්කා වගේ ඉන්නේ නෑ. ආපස්සට හැරිලා දුවන්නෙත් නෑ. එහෙම නම් ඉතිරිවෙලා තියෙන්නේ එක ම එක විකල්පයයි. ඒ ගැන අපි හැමෝ ම දන්නවා. (සම්පූර්ණ ලිපිය මෙ තැනින්)

බුදු අම්මේ, බොන්න එපා!

"සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ - ගෑනුන්ටත් සිදාදියේ නටන්න ලැබුණේ" කියලා සිංදුවක් තියෙනවානේ. මේ සිංදුව මතක්වුනේ ඊයේ පෙරේදා අපේ ආණ්ඩුව ගත්ත අභීත තීරණයක් ගැන ඇහුවාට පස්සේ. ඒ තීරණය හින්දා ගම්වල ඉන්න අපේ අම්මලාටත් මත්පැන් මිල දී ගැනීමේ සහ විකිණීමේ නිදහස ලැබිලා තියෙනවා. ඉතින් මේ ගැනත් සෑහෙන්න කතාබහක් අපේ සමාජයේ ඇතිවෙලා. සමහරු කියන විදිහට මේ ඉතා දියුණු කාලයක්. ඉස්සර රජ කාලේ වගේ නෙවෙයි. ගැහැනුන්ට පිරිමින්ට තියෙන තැන ම ලැබෙන්න ඕන. තව කට්ටියක් මේක අහලා කම්පාවෙලා. ඒත් සම අයිති තර්කය ඉදිරියේ ඒ අය අසරණ වෙලා. ඒ අය ගේ හිතට හරියාකාර උත්තරයක් නැගෙන්නේ නෑ. මොකක්ද මහා අවුලක් තියෙන බව නම් ඒ අයට තේරෙනවා. ඒත් දෙන්න පුළුවන් හරියාකාර උත්තරයක් නෑ. (සම්පූර්ණ ලිපිය මෙ තැනින්)

දළ පූට්ටුවා මැරුවේ මහ රැජින ද?

එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා කියලා කියන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය කියන රටවල් හතරේ රැජින. ඊට අමතර ව, තමන් නිදහස් කියලා කියාගන්නා බහමාස්, ජැමෙයිකාව, පැපුවා නිව්ගිනියාව වගේ රටවල් දොළහකුත් ඇය ව තමන් ගේ රැජින විදිහට පිළිගන්නවා. සිංහලෙන් අපි ඇය ව හඳුන්වන්නේ මහ රැජින කියලා. මේ විදිහට මහ කියලා විශේෂණයකින් ඇය ව හඳුන්වන්නේ ඇයි කියන කාරණය හිතාගන්න අමාරුයි. ඒකට උත්තරේ මොකක් වුනත්, මේ ලිපිය ලියන්නේ එලිසබෙත් රැජින ගැන කියන්න නෙවෙයි. මේ හදන්නේ දළ පූට්ටුවා ගේ මරණයට සම්බන්ධ කරුණු කාරණා කීපයක් ගැන කියන්න. (සම්පූර්ණ ලිපිය මෙ තැනින්)

ජනගහන බෝම්බය දැක්කා ද?

ලෝකයේ ජනගහනය ප්‍රශ්නයක් වෙච්ච රටවල් හඳුනාගන්න පුළුවන් ඒ ඒ රටේ ජන ඝනත්වය අනුව. ජන ඝනත්වය අඩු රටකට ජනගහනය කියන්නේ මහ ප්‍රශ්නයක් නෙවෙයි.

ඉතින් අපි අවට තියෙන, අපි දන්නා කියන රටවල් අතර වැඩිම ජන ඝනත්වයක් ඇති ඒවා මොනවා ද? (සම්පූර්ණ ලිපිය මෙ තැනින්)

බණ ටිකක් විකුණපං!

කාලයකට පස්සේ මේ ලේඛකයා මුණගැහුණු මිත්‍රයෙක් “බණ ටිකක් විකුණපං” කියන මේ යෝජනාව කළා. “මම උඹ ලියන ඒවා කියවනවා. උඹ කියන දේවල් ඇත්ත. ඒත් ඒ ඇත්තෙන් ඇති වැඩේ මොකක්ද? දැන් මිනිස්සුන්ට ඕන උන් ගේ මොකක් හරි ඉන්ද්‍රියක් පිනවාගන්න. ඉතින් ඒ කාරණේ හිතේ තියාගෙන ලියපං. එහෙම කරනවා නම් අපේ මිනිස්සුන්ට ඕන දේත් වෙනවා. උඹේ මල්ලත් පිරෙනවා. (සම්පූර්ණ ලිපිය මෙ තැනින්)