ලෝකයේ ජනගහනය ප්‍රශ්නයක් වෙච්ච රටවල් හඳුනාගන්න පුළුවන් ඒ ඒ රටේ ජන ඝනත්වය අනුව. ජන ඝනත්වය අඩු රටකට ජනගහනය කියන්නේ මහ ප්‍රශ්නයක් නෙවෙයි.
ඉතින් අපි අවට තියෙන, අපි දන්නා කියන රටවල් අතර වැඩිම ජන ඝනත්වයක් ඇති ඒවා මොනවා ද? (මේ සංඛ්‍යාලෙඛන ඉදිරිපත් කරලා තියෙන්නේ වර්ග කිලෝ මීටරයක් ඇතුළේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අනුවයි)
මාලදිවයින - 1,154 (ලෝකයේ 11 වැනි තැන)
බංග්ලාදේශය - 1,136 (ලෝකයේ 12 වැනි තැන)
ඉන්දියාව - 403 (ලෝකයේ 32 වැනි තැන)
ශ්‍රී ලංකාව - 327 (ලෝකයේ 43 වැනි තැන)
පාකිස්ථානය - 261 (ලෝකයේ 54 වැනි තැන)
නේපාලය - 196 (ලෝකයේ 70 වැනි තැන)
චීනය - 144 (ලෝකයේ 85 වැනි තැන)
ඉන්දුනීසියාව - 138 (ලෝකයේ 88 වැනි තැන)
තායිලන්තය - 133 (ලෝකයේ 91 වැනි තැන)
මැලේසියාව - 98 (ලෝකයේ 114 වැනි තැන)
මියන්මාරය - 80 (ලෝකයේ 128 වැනි තැන)
මේ සංඛ්‍යාලේඛන දැක්කා ම අපි සැළකිළිමත් විය යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ රට ආසන්නයේ පුපුරලා අපේ රටටත් බලපාන්න පුළුවන් විදේශීය ජනගහන බෝම්බ සම්බන්ධයෙන්. අපි ආසන්නයේ තියෙන වැඩි ම ජනගහන ඝනත්වයක් තියෙන රටවල් තමයි මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්ථානය. අදටත් මේ රටවල්වලින් අපේ රටට ආපු මිනිස්සු ලක්‍ෂ ගණනක් අපි අතර ම සැඟවිලා ජීවත්වෙනවා. බාහිර පෙනුමේ සමානකම් හින්දා ඒ අය ව වෙන්කරලා හඳුනාගන්න පුළුවන්කමක් අපිට නෑ. ඒත් මේ බෝම්බ අනතුර ගැන අපි කවුරුවත් හිතන්නේ නෑ.
අද මියන්මාරය බැටකන්නේ මේ විදිහට බංග්ලාදේශයේ පුපුරන ජනගහන බෝම්බයෙන්. මෝඩි අගමැතිවුනාට පස්සේ බංග්ලාදේශයත් එක්ක තිබුණු දේශ සීමා ප්‍රශ්න දඩිබිඩියේ විසඳාගත්තා. ඒ ගැන වැඩිය වාද කර කර හිටියේ නෑ. මොකද මෝඩි දැනගෙන හිටියා බංග්ලාදේශයේ ජනගහනය බෝම්බය පුපුරද්දි තමන් ගේ රටට මුහුණදෙන්න සිද්දවෙන අනතුර ගැන. ඉතින් ඉක්මනට ඒ ප්‍රශ්න විසඳගත්ත මෝඩි බංග්ලාදේශ - ඉන්දියා දේශ සීමාවේ වැට ගහලා ආරක්‍ෂාව තරකළා. ඉතින් දැන් බංග්ලාදේශයෙන් දෝරේ ගලන ජනගහනයට බෑ අල්ලපු වත්තේ තියෙන බටහිර බෙංගාලයට ඇතුළුවෙන්න.
ඒත් ගතවෙච්ච අවුරුදු විස්සක විතර කාලය ඇතුළේ මියන්මාරය හිටියේ අවුලක. දේශ සීමා රැකගන්න තියා රට ඇතුළේ එදිනෙදා වැඩ කරගන්නවත් පුළුවන්කමක් ඒ රටට තිබුණේ නෑ. ඉතින් මේ හින්දා මියන්මාර - බංග්ලාදේශ දේශ සීමා ආරක්‍ෂාවත් බිඳ වැටිලායි තිබුණේ. ප්‍රතිඵලය වුනේ බංග්ලාදේශයෙන් දෝරේ ගලපු ජනගහනයක් මියන්මාරය ඇතුළේ පැළපදියම් වීම.
බ්‍රිතාන්‍ය යටත්විජිත කාලයේ මියන්මාරයට ඇරගෙන ගිය බෙංගාල ජාතිකයන් පිරිසකුත් ඒ රටේ ඉතිරිවෙලා හිටියා. ඒ අය තමන් ව හඳුන්වාගත්තේ රෝහින්ග්‍යා කියලා. ඒත් ඒ අය ව තමන් ගේ රටේ පුරවැසියන් කියලා මියන්මාරයේ කිසිම ආණ්ඩුවක් පිළිගත්තේ නෑ. ඒත් ඒ විදිහට රැඳිලා හිටිය බෙංගාල ජනගහනය ඒ තරම් විශාල එකක් නොවුණු හින්දා ඒ ගැන මියන්මාරයේ මිනිස්සු වදවුනෙත් නෑ.
ඒත් පහුගිය අවුරුදු විස්සක විතර කාලය ඇතුළේ බෙංගාල මිනිස්සු නොඩවා ම දේශසීමාව පැනලා මියන්මාරයට ඇතුළුවෙන්න පටන්ගත්තා. ඒ විදිහට මියන්මාරයට ඇතුළුවෙච්ච බෙංගාල මිනිස්සු රෝහින්ග්‍යා කියලා තමන් ව හඳුන්වා ගෙන හිටිය බෙංගාල මිනිස්සුත් එක්ක ම මිශ්‍රවෙලා පැලපදියම් වෙන්න පටන්ගත්තා. ඊට පස්සේ මියන්මාරයේ තියෙන බංග්ලාදේශයට යාබද රඛයින් පළාතේ මහා බෙංගාල බලයක් ගොඩනැගෙන්න පටන්ගත්තා. මෙන්න මේ දේවල් දකිද්දි තමයි මියන්මාරයේ මිනිස්සු කලබල කරන්න පටන්ගත්තේ. තමන් මුහුණදෙමින් සිටින අනතුරේ තරම මියන්මාර ආණ්ඩුවත් තේරුම්ගත්තේ මේ කලබල මැද්දේ.
මියන්මාරයට ඇතුළුවෙච්ච බෙංගාල මිනිස්සු දැන් මේ කලබල මැද්දේ ආපහු බංග්ලාදේශයට යන්න පටන් ඇරගෙන. බටහිර මාධ්‍යවලින් මේක හඳුන්වන්නේ මියන්මාරයේ සිද්දවෙන ජනගහන සංහාරයක් විදිහට. ඒත් මේ කියන ජනගහන සංහාරය ගැන මියන්මාර මිනිස්සු කියන කතාව අපිට ඇහෙන්නේ නෑ. ඒ විදිහේ මාධ්‍ය බලයක් මියන්මාරයට නෑ. ඉතින් අපිට උදේ හවස ඇහෙන්නේ මියන්මාරයේ සිද්දවෙනවා කියන රෝහින්ග්‍යා ජන සංහාරයක් පිළිබඳ ව රොයිටර්ලා කියන කතා විතරයි. අපේ මාධ්‍යයත් ඒ කතා ම පුනරුච්චාරණය කරනවා.
අපි මේ දේවල්වලින් ඉගෙනගන්න ඕන පාඩම් තියෙනවා. ඒ අතරින් මූලික ම පාඩම තමයි අපි අවට තියෙන ජනගහන බෝම්බ ගැන තේරුම්ගන්න එක.